News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

ඇළට බිලිවීමට ගිය පවුලම බේරගත්ත වයස 10යේ වීරයා

1123 Views


ඇළට බිලිවීමට ගිය පවුලම බේරගත්ත වයස 10යේ වීරයා

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රි‘රෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, තම පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ සමත්කම් දක්වා තිබෙනවා.

මෙය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නම් වූ වයස අවුරුදු 10ක දරුවෙක්.ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රි‘රෝද රථයේ හැඬලය හැරවී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී අනතුරට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා.

“අපි එක පාරටම ඉෂඩ් ඩී ඇළට වැටුණා. මම මාස පහේ නංගියි, අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑගැසුහා මමත් පීනලා නංගියි, මල්ලියි බේරාගත්තා. තාත්තා බේරාගන්න කෑගහන කොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකේ පිටුපසින් ආවා.”


News Articles
Latest Videos
Most Popular Post