News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

එජාපයට බැරි වූ දේ ජනපති දින කිහිපයකින් කළා

649 Views


එජාපයට බැරි වූ දේ ජනපති දින කිහිපයකින් කළා

එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. ඔවුන් මේ බව පැවසූයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයා පොලිස් විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලීසියට නායකත්වය ලබාදුන්දා සිට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකෙරෙන බවත්, ඔහු පොලීසියට නිසි ලෙස නායකත්වය ලබාදෙමින් අදාළ කටයුතු සිදුකළද, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම හේතුවෙන් එය සිදුවන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සඳහන් කරන බවත් නිදහස් පක්ෂය මෙහිදී පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post