News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
27

කුඩු ගහන පිරිසක් රට පාලනය කරනවා නම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

628 Views


කුඩු ගහන පිරිසක් රට පාලනය කරනවා නම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ අද(27) පැවැති ජනහමුවකට එක්වෙමින්.

මත්ද්‍රව්‍යවල විෂ අද වන විට සෑම තැනම ඇති බවත්, කුඩු භාවිතා කරන පුද්ගලයින් රට පාලනය කරන්නේ නම්, මීට වඩා වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුව ඇතුළේ කුඩු භාවිතා කරනවා යනු රහසක් නොවන බවත්, සියලු දෙනා මේ බව දන්නා බවත්, පුදුමයට කරුණ වන්නේ, රටට අවශ්‍ය දේ නොකර සිටීම නිසා අද වන විට ආණ්ඩුව තුළින්ම ඒ බව පැවසීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රටක් ලෙස මේ හේතුවෙන් ඉතා අවාසනාවන්ත තැනකට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post