News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

ඩුබායි යන්න ගිය ශ්‍රී ලංකන් යානයේ කුරුල්ලෙක් ගැටීමෙන් වුණ දේ

687 Views


ඩුබායි යන්න ගිය ශ්‍රී ලංකන් යානයේ කුරුල්ලෙක් ගැටීමෙන් වුණ දේ

ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත , ඒ – 330 වර්ගයේ ඇංජින් දෙකකින් සමන්විත එයා බස් වර්ගයේ ගුවන් යානයකි .

මෙම ගුවන් යානය තුළ මගීන් 268ක් සහ කාර්යය මණ්ඩලය 12ක් සිටිය බැව් ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 225 දරන මෙම ගුවන් යානය ඊයේ දින රාත්‍රී 6.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර , එය ඉන්දීය ගුවන් සීමාවේ දී , මෙම ගුවන් යානයේ වම් පස අංක 01 දරන ඇංජිම කුරුල්ලෙකු හා ගැටී තිබේ .

ඉන්පසු තවදුරටත් මෙම ගුවන් යානය ඉදිරියට යෑම අත්හිටවූ ගුවන් නියමුවරයා , යානය වහාම ආපසු හරවාගෙන , යළිත් රාත්‍රී 8.11ට කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත් වී තිබේ .

පසුව මෙම මගීන් සියල්ල , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වෙනත් ගුවන් යානයක් මගින් , එදිනම රාත්‍රී 11.15 ට පමණ යළිත් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .

මේ වනවිට අනතුරුට පත් මෙම ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබේ .


News Articles
Latest Videos
Most Popular Post