News Line| Off Air
Generic placeholder image

Feb
27

පකිස්ථාන්, ඉන්දියා ගැටුමේ නවතම තත්ත්වය මෙන්න

1215 Views


පකිස්ථාන්, ඉන්දියා ගැටුමේ නවතම තත්ත්වය මෙන්න

පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශී්‍ර ලංකා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඊට හේතු වී තිබෙන්නේ පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්.

ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ   www.srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි ගුවන් සමාගම සදහන් කළේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 02 ක් අද කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලු බව කාශ්මීරය මීට පැය 04 කට පෙර ප්‍රකාශ කළා.

පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් සදහන් කළේ එහිදී ඉන්දීය ගුවන් නියමුවෙකු ගොඩබිම තුළදී සිය භාරයට ගත් බවයි.

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන එම ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

එහිදී එක් යානයක් කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන ප්‍රදේශයකදී බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනික් යානය බිම හෙළා ඇත්තේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයකදීයි.

ඉන්දු පාකිස්ථාන දේශ සීමාවේ කාශ්මීරයේ පාකිස්ථානයට අයත් පාලන ප්‍රදේශයක් වන බාලාකෝට්හිදී ජේ සී මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමකට අයත් ත්‍රස්ත ඉලක්ක කිහිපයකට ඉන්දියාව විසින් ප්‍රහාර එල්ල කළේ .

Pakistan soldiers by what Pakistan says is a downed Indian jet


News Articles
Latest Videos
Most Popular Post