News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

වධක තනතුරට ඇමෙරිකානුවෙක්ගෙන් අයදුම්පත්

507 Views


වධක තනතුරට ඇමෙරිකානුවෙක්ගෙන් අයදුම්පත්

වධක තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් අනෙක් අයදුම්කරු ඇමෙරිකානු ජාතිකයෙකු වෙයි.

වධක තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා අවසන් වූ අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා දෙදෙනෙකු බඳවා ගැනීමට නියමිතය.

සම්මුඛ පරීක්‍ෂණ පවත්වන දිනයන් සහ ඒ සඳහා කැඳවනු ලබන පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් නොකරන අතර, සම්මුඛ පරීක්‍ෂණ පවත්වා බඳවා ගනු ලබන පුද්ගලයන්ගේ අනන්‍යතාව බාහිර පුද්ගලයන්ට දැන ගැනීමට අවස්ථාව නොදෙන බවත්, තෝරාගනු ලබන පුද්ගලයන් පිළිබඳ කිසිවක් ජනතාවට දැන ගැනීමට ප්‍රසිද්ධියට පත් නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවනවා.


News Articles
Latest Videos
Most Popular Post