News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
1

ඊජිප්තු බිහිසුණු දුම්රිය අනතුරේ CCTV දර්ශන නිකුත් වෙයි

2269 Views


ඊජිප්තු බිහිසුණු දුම්රිය අනතුරේ CCTV දර්ශන නිකුත් වෙයි

ඊජිප්තුවේ කයිරෝ නුවර දුම්රිය ස්ථානයේ 27 වෙනිදා ඇතිවූ දුම්රිය අනතුර හා ගිනිගැනීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම අසාමාන්‍ය අනතුර සිදුව තිබුනේ දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයේ වානේ බාධක ගසාගෙන දුම්රිය එන්ජිම පැත්තකට ඇළවී නොනවත්වා ධාවනය වීම හේතුවෙනුයි.

විශාල පිපිරුමක් සමග ගිනි පුපුරු පැතිර යාමෙන් දුම්රය පොළහෙි මගීන් වෙත ගිනි ජාලා නිකුත්වි එයින් ගිනි ගැනීමෙන් හා තෙරපීමෙන් 25 ක් මියගිය බවත් 50 කට ආසන්න පිරිසක් තුවාල ලද බවත් විදෙස් මාධ්‍යය වාර්තාකර තිබුණා.

කලාපයේ පැරණිම දුම්රිය ධාවන පද්ධතිය ඇති ඊජිප්තුවේ දුම්රිය උපාංග අලුත්වැඩියා සිදුනොකිරීම මත මහජන ආරක්ෂාවට අවදානමක් පවතින බව කලෙක සිට පෙන්වාදී තිබී ඇති අතර සිද්ධියෙන් පසු එරට ප්‍රවාහන ඇමතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post