News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
1

උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්

727 Views


උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස්

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය. ඒ එම චෝදනාව සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත්කරමිනි.

උන්වහන්සේ භාරයේ මෙම අලි පැටවා සිටි බවට සැක කිරීමට අවස්ථා ගණනාවක් මතුවුවත් අපරාධ නඩුවකදී සැකය මත පිහිටා කටයුතු කළ නොහැකි බවට සඳහන් කරමින් විත්තිකාර ස්වාමීන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කෙරිණි.

මෙම අලි පැටවාට ධම්මාලෝක හිමියන් හිමකම් පෑමක් සිදු නොකළ හෙයින් අලි පැටවා වනජීවී සංරක්ෂණ ජනරාල්වරයාට භාර දෙන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.


News Articles
Latest Videos
Most Popular Post