News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසය මෙන්න

1167 Views


ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසය මෙන්න

රත්ගම ප‍්‍රදේශයේදී ඉකුත්දා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් කෙනෙකු මීට පෙර අවස්ථාවකදී කොන්ත‍්‍රාත් ලබාගෙන මිනී මැරුම් සිදුකළ බවට චෝදනාවට ලක්වූවෙකු බව මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා. ඒ, මංජුල අසේල කුමාර නමැත්තායි.

ඉකුත් 2010 වසරේ දෙසැම්බර් මස 10 වනදා ආණමඩුව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී ස්ටැන්ලි ජෝෂප් නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක් වුණා. ඒ, යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුමකින් සැරසී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින්.

මෙම යතුරු පැදිය පදවාගෙනවිත් ඇත්තේ ඉකුත්දා රත්ගමදී ඝාතනයට ලක්වූ මංජුල අසේල කුමාර නමැත්තායි. එවකට බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු වූ තුෂාර පෙරේරා විසින් ඝාතන කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇතැයිද චෝදනා එල්ල වුණා. එම කොන්ත‍්‍රාත්තුව රුපියල් ලක්‍ෂ 10 ක් බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ වුණේ.

ඝාතනයට හේතුව කොතලහිඹුටු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවද සැලකෙනවා.

මේ අතර රත්ගම ප‍්‍රදේශයේදී සිදුවූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඔවුන් දෙදෙනාම දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයට අනියුක්තව සේවයේ යෙදී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post