News Line| Off Air
Generic placeholder image

Mar
1

පකිස්තාන විදේශ අමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

664 Views


පකිස්තාන විදේශ අමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් රථ පෙළකට ඉකුත් දා කාශ්මීරයේදී ප‍්‍රහාර එල්ල කළ ජයිෂ් යී මොහොමඞ් සංවිධානයේ නායක මවුලානා මසූඞ් අසාර් පකිස්තානයේ සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමූද් කරේෂි අද (01) අනාවරණ කරනු ලැබුවා.

කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නම් ඔහුට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මවුලානා මසූඞ් අසාර් මේවනවිට දැඩි ලෙස රෝගී වී නිවසින් පිටතට පැමිණීමට ද නොහැකි තත්ත්වයක පසුවන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post