ශ්‍රීලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ඊයේ දවසෙදී පුහුණු තරගයක් පැවැත්වූවා. මෙම තරගයේදී පන්දු යැවීම පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම වැඩි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් එම තරගය ජය ගැනීමට සමත්කම් දැක්වූවා.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ආරාධිත පිල සිය පන්දුවාර 48 දී සියල්ල දැවී ලකුණු 304 ලබා ගත් අතර එහිදී ලකුණු 164 ලබාගන්න ඔවුන්ගේ ආරම්භක පිතිකරු ටොන්ඩර් සමත්වුනා. පන්දු යැවීමේදී නායක මාලිංග විශිෂ්ට පන්දු යැවීමක් කල අතර මාලිංග ලකුණු 35 ට කඩුලු 5 ක් ලබා ගත් අතර රාජිත ලකුණු 36 ට කඩුලු 2 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ලංකාව පන්දුවාර 41 ක් තුල ලකුණු 307 ලබාගෙන පහසුවෙන් ජයගත්තේ කඩුලු 6 කින්.
ශ්‍රි ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාබියා වුයේ 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රන්න්දුයි.ඔහු පන්දු 46 කින් ලකුණු 72 ලබා ගත් අතර එයට හතරේ පහර 9 සහ හයේ පහර 2 ක් ඇතුලත්.එසේම ආරම්භක පිතිකරු උපුල් තරනග ලකණු 45 ලබාගත්තේ පන්දු 34 කින්. එයට හයේ පහර 3 සහ හතරේ පහර 5 ක් අයත්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 13 තුල ලකුණු 127 ක් එක කිරීම විශේෂත්වයක්.
එසේම ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් යුත් එක්දින තරගාවලිය එළබෙන ඉරිදා එනම් 3 වනදා ඇරබිමට නියමිතයි.
සම්පූර්ණ ලකුණු පුවරුව පහතින්..