News Line| Off Air
Generic placeholder image

Mar
1

මුල් කාලෙ මංගල කිහිල්ලෙ ගහගෙන ආපු බෑග් එකට අපි එක එක ඒවා දාලා විනෝද වුණා – ජනපති

1187 Views


මුල් කාලෙ මංගල කිහිල්ලෙ ගහගෙන ආපු බෑග් එකට අපි එක එක ඒවා දාලා විනෝද වුණා – ජනපති

මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක් ඊයේ (28දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදි පැවැත්වුණා. එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිය අදහස් එක්කළා.

මංගල සමරවීර මහතාත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අතර එම වකවානුවේදී ඔවුන්ගේ ජීවිතය ගෙවී ගිය ආකාරය පිළිබඳව ජනපතිවරයා සිය අදහස් දැක්වූවා.

“මංගල මුලින්ම මට හමු වුණේ 1988 දී යි. අපි 89 පෙරවාරි මස 15 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට ගියා. මංගලත් මමත් එදා පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනෙක් අයත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ 89 මාර්තු මාසේ 9 වැනිදායි. මංගලත් අපිත් මුලින්ම ගියේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව ඔබ දන්නවා.

පාර්ලිමේන්තුවට යන මන්ත‍්‍රීවරයෙක් මුලින්ම යා යුත්තේ ආණ්ඩු පක්ෂයට නොව විපක්ෂයට කියායි මා විශ්වාස කරන්නේ. විපක්ෂයට මුලින්ම යන මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විපක්ෂයේ සිටින කාලය තුළ දී ඉගෙනගන්නවා. හොඳ අත්දැකීම් රාශියක් ලබනවා. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙන අවස්ථාවක ඔහු පරිණත වී තිබෙනවා. ඔහු ඊට සූදානම් වී තිබෙනවා.

මංගලත් අපි සියලු දෙනාත් පාර්ලිමේන්තුවට ආපු කාලේ අපි සියලු දෙනා ආධුනිකයන් නිසා අපි බොහෝ වෙලාවට දේශපාලනය කතා කළා වගේම පෞද්ගලික දේවල්, විවිධ ජාත්‍යන්තර ප‍්‍රවණතා ගැන කතා කළා වගේම යාළු මිත‍්‍රකම් පදනම් කරගෙන විහිළු තහළු කළා.

මංගල 89 පාර්ලිමේන්තුවට ආ මුල් කාලේ මංගලගේ අතේ නිතරම කිහිල්ලේ ගහගෙන ආපු කළු එපාට බෑග් එකක් තිබුණා. බොහෝ වෙලාවට පාර්ලිමේන්තු ලොබියේ අපි කතා කර කර ඉන්න වෙලාවට මංගල හිටපු ගමන් ඔහුගේ මල්ල තියලා එහෙට මෙහෙට යනවා.

අපි ඒ වෙලාවට වට පිට බලලා මංගල එන්න කලින් මල්ල පුරවනවා. ඔහුගේ බෑග් එකට දැමිය යුතු දේ වගේම නොදැමිය යුතු දේ අපි දැම්මා. මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බනිනවා. අපි හුඟක් විනෝද වෙනවා. මංගලත් අපිත් ඒ විදියට තමයි අපේ පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කළේ.”


News Articles
Latest Videos
Most Popular Post