News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
4

කෝඩුකාරයින්ට ශ්‍රී ලංකා පිළේ වැඩි අවස්ථාවක්

1316 Views


කෝඩුකාරයින්ට ශ්‍රී ලංකා පිළේ වැඩි අවස්ථාවක්

එළඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් කණ්ඩායමේ තේරීම් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍ර්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා.

තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සදහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි තරග 04 තුළදී නවක ක්‍රීඩකයිනට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි.

ලක්ෂාන් සදකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් දකුනු අප්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

උපුල් තරංගගේ ස්ථානයට නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කෙරෙහිද අවදානය යොමුව ඇති බවයි තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කලේ.

තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය ලබන 06 වනදා සෙන්චූරියන් හී දී පවැත්වෙනවා.

දෙරට අතර ඊයේ පැවති පළමු තරගයෙන් කඩුලූ 08 ක ජයක් වාර්තා කලේ දකුනු අප්‍රිකානු කණ්ඩායමයි.


News Articles
Latest Videos
Most Popular Post