News Line| Off Air
Generic placeholder image

Mar
4

මහාපරිමාණ මත්ද්‍රව්‍ය මැඩලිමට නිළ සුනඛයින් 70 දෙනෙකුට විශේෂ පුහුණුවක්

678 Views


මහාපරිමාණ මත්ද්‍රව්‍ය මැඩලිමට නිළ සුනඛයින් 70 දෙනෙකුට විශේෂ පුහුණුවක්

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබෙනවා.

එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා.

මෙම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ,ඔවුන්ට ලොව පවතින අතිනවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව, එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළ හා කොළඹ වරාය සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපිත කර ඇති බවත්, එම ඒකක මගින් එහි වැටලීම සාර්ථකව කළ හැකි බවත් ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මීට අමතරව, ගාල්ල හා හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපළ සඳහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකරන අතර,ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සඳහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයින්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, ලාල් සෙනවිරත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post