News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
4

මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය

607 Views


මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය

මෙම අවුරුද්ද මැතිවරණ වර්ෂයක් ලෙස හැඳින්වීමට හැකි බවත්, කවුරුන් කෙසේ පැවසූවත් මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණය බවත් ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

හෙතෙම මෙසේ පැවැසුවේ බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීම සහ ‘සිරිලිය’ කාන්තා සංවිධානය සඳහා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීමට ඊයේ (03දා) මීගහතැන්නට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එක එක්කෙනා විවිධ කතා කියලා ජනතාවගේ හිතේ තියෙන දේ උරගා බැලුවත් ස්ථිර වශයෙන්ම මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයයි. එහිදී එක්සත් ජාතික පක්ෂය මගින් ඉදිරිපත් කරන්නේ  දුප්පතාගේ දුක හඳුනන , උතුරෙත් දකුණෙත් සහයෝගය ඇති රටේ ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාමයි.

ඒ වගේම ඒ අපේක්ෂකයා යොදවා අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබනවා. මේ වර්ෂයේ අපි ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ණය හා වාරික වශයෙන් ගෙවන්න තියෙනවා. ලබන වර්ෂයේ එම ප්‍රමාණය ඊට වඩා ගොඩක් අඩුවන නිසා අපිට ලබන වසරේ වැඩ ගොඩක් කරන්න පුළුවන්.”


News Articles
Latest Videos
Most Popular Post