දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන් බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා සේනා දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය .
කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය .
රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය බඩඉරිඟු වගා විනාශ නොකළ ආදිවාසින් ඒ වෙනුවට පාරම්පරික කෙම්විධි අනුගමනය කළ බව සඳහන් කළේය .
ආදිවාසීන්ගේ වගාබිම් ඈතින් ඈතට පිහිටීම නිසා සමාන්‍යයෙන් වගාවට සිදුවන රෝග උවදුරු පැතිර යාම සිදු නොවන බවද සඳහන් කළ ආදිවාසි නායකයා දේශීය බඩඉරිඟු බීජ වගාකිරීම ද මේ උවදුරුවලට විසදුමක් බව අවධාරණය කළේය .