News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
6

මේ දිනවල හැකි තරම් ජලය පානය කරන්න

1176 Views


මේ දිනවල හැකි තරම් ජලය පානය කරන්න

පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි මාස දෙක පුරා ශරීරයේ උණුසුම් තත්ත්වය යම් මට්ටමකින් ඉහළ යා හැකි බවත්,අධික රස්නයක් දැනෙන අවස්ථාවලදී එළිමහනේ ගමන් කිරීමේදී යම් සැලකිල්ලක් දැක්වියයුතු බවත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ යඅධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

මීට අමතරව හිරු එළියට නිරාවරණය වන ආකාරයට නවතා තිබෙන වාහනවල දීර්ඝ කාලයක් රැඳී නොසිටින ලෙසත්,කුඩා දරුවන් වාහන තුළ රඳවා යෑමෙන් වළකින ලෙසත් හෙතෙම පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post