News Line| Off Air
Generic placeholder image

Mar
7

ඉන්දු පාකිස්තාන උණුසුමට හේතුවූ ත්‍රස්තයන් රැසක් පාකිස්තාන දැලේ

666 Views


ඉන්දු පාකිස්තාන උණුසුමට හේතුවූ ත්‍රස්තයන් රැසක් පාකිස්තාන දැලේ

ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පිරිසක් එරට පාකිස්තානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගත් ජායිෂ්-ඉ-මොහම්මද් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ සහ එහි නායකයා ලෙස සැලකෙන මසූද් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයාද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව කියැවෙයි.

මෙම ත්‍රස්ත ක්‍රියා පාලනය කරන ලෙසට පාකිස්තානය වෙත පසුගිය දින කිහිපය පුරා ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ඊට ප්‍රතිචාරයක් ලෙස මෙසේ ත්‍රස්තයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් ක්‍රියාකර ඇත.

ඉන්දියාව හා පාකිස්තානය අතර දරුණු ගැටුමක් ඇති කිරීමට මෙම ත්‍රස්තයන් මූලික හේතුව බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයා යළි එරටට භාරදීමට පාකිස්තානය පසුගියදා කටයුතු කිරීමත් සමග දෙරට අතර යම් සංසිඳීමක් ඇති විණි.


News Articles
Latest Videos
Most Popular Post