එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් භේද කිරීම සඳහා එජාපයේම මැතිඇමතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පිරිසක් සැලසුම් සහගතව කටයුතු කරගෙන යන බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පෙන්වා දෙනවා.අනවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ගුණ පැවසීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගැටුමක් ඇතිකිරීමට මෙම පිරිසට උවමනාවී තිබෙන බවයි එම පෙරමුණ පෙන්වා දී ඇත්තේ.
එක්සත් ජාතික භික්ෂු පෙරමුණ බොරැල්ල තිලකරත්නාරාමයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ මතුරට ධම්මාලංකාර හිමියන් සඳහන් කළේ වෛරය පැත්තකට දමා අවෛරයෙන් කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැතිඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.