News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

1257 Views


වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන්නැයි ඉල්ලමින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය පෙබරවාරි 25 වනදා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් සිය පෙත්සම ඉදිරිපත් කලා.

එම පෙත්සම පසුගිය 28 වනදා අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේ පෙත්සම යළි විභාගයට ගැනීම අද දක්වා කල් තැබුනා.

කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පසුගිය 28 වනදා අධිකරණයට දන්වා සිටියා.

කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවසුවේ ඉකුත් රජය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post