රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඇප මත මුදාගැනීම වෙනුවෙන් අද දිනයේදී මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිඛෙනවා.අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට එම මෝසම ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ.
අනුරාධපුර – නව පුත්තලම මාර්ගයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කේ.ඩී ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පළමුවනදායි.