News Line| Off Air
Generic placeholder image

Mar
8

ජපානයෙන් යෙන් මිලියන 163ක පරිත්‍යාගයක්

639 Views


ජපානයෙන් යෙන් මිලියන 163ක පරිත්‍යාගයක්

රී ලංකාවේ කාන්තා  සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ.

මෙමගින් දීර්ඝකාලීන සාමය ළඟාකරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්තී‍්‍ර පුරුෂ සමාජ භා විසමානාත්මතාවය, කාන්තා බලගැන්වීම සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ධනාත්මක වෙනසක් ඇතිකිරීම අරමුණු කෙරේ.

මෙම ව්‍යාපෘතියට අදාළ හුවමාරු පත‍්‍ර සඳහා අත්සත් තැබීම  ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත රීට්සු නකේන් මහත්මිය විසින් තානාපති නිලනිවසේදී සිදුකරන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post