News Line| Off Air| Games
Generic placeholder image

Mar
8

දේශපාලඥයින් සැප විදින්නේ විදෙස් ගෘහ සේවිකාවන් නිසයි

663 Views


දේශපාලඥයින් සැප විදින්නේ විදෙස් ගෘහ සේවිකාවන් නිසයි

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා විදේශීය ගෘහ සේවයට ශ‍්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද ප්‍රකාශ කර සිටියා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.


News Articles
Latest Videos
Most Popular Post