News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

රටම කතාකල මන්නාරමේ ඇටකටු පෘතුගීසි යුගයේ බවට හෙලිවෙයි

765 Views


රටම කතාකල මන්නාරමේ ඇටකටු පෘතුගීසි යුගයේ බවට හෙලිවෙයි

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් කතාබහ කරපු මාතෘකාවක් තමයි මන්නාරමේ සමූහ මිනී වල. මේ සම්බන්ධයෙන් විවිධාකාර දේශපාලන මත පවා  පැටලී තිබුණා.

කාලයක් රටම කතාබහ කරපු මේ මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් අස්ථි කොටස් වල රහස මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ මන්නාරම සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි කොටස් ඇමරිකාවේ  ෆ්ලොරිඩාහි කාබන් පරීක්ෂාවට යැවීමත් සමගයි.

මෙම කාබන් පරීක්ෂාවට අනුව මෙම අස්ථි සාම්පල ක්‍රිස්තු වර්ෂ 1404ත් 1719 අතර කාලයටත් අයත් බව ඊයේ ප්‍රසිද්ධියට පත්කළා. ඉතිහාසය අනුව 1505 සිට 1658 දක්වා දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරලා තියෙන්නේ පෘතුගීසින් විසින්.

මන්නාරම නගර මධ්‍යයේ පිහිටා තිබූ සතොස තනි මහල් ගොඩනැගිල්ල මහල් දෙකකට ඉදිකිරීම සදහා අත්තිවාරම දැමීම පස් කැපූ අවස්ථාවක තමයි 2018 මාර්තු 2018 මාර්තු 26 වන දින මේ අස්ථි කැබලි සහිත සමූහ මිනී වළ සොයා ගත්තේ. මෙම අස්ථි කොටස් අතර පුද්ගලයන් 328 දෙනෙකුගේ අස්ථි සොයා ගත් අතර ඉන් විසි නව දෙනෙකුගේ අස්ථි ළමයින්ගෙ බව තහවුරු කර ගැනුණා. කෙසේ වෙතත් කාබන් පරීක්ෂාවට අනුව මෙම ඇටකටු පෘතුගීසි යුගයට අයත් බවයි කාල නිර්ණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post