News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

ශ්‍රිපාදස්ථාන දොරටුවේ නම ශිව පාදම් ලෙස වෙනස් කිරීමේ තීරණය මෛත්‍රී අත්හිටුවයි

1220 Views


ශ්‍රිපාදස්ථාන දොරටුවේ නම ශිව පාදම් ලෙස වෙනස් කිරීමේ තීරණය මෛත්‍රී අත්හිටුවයි

ශ්‍රී පාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් ඊයේ අත්හිටුවා තිබෙනවා.

මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් ශ්‍රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබුණා. ඒ අනුව කිසිදු පාර්ශවයන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතිකව ගත් මෙම තීරණය වහාම අත්හිටුවන ලෙසයි ආණ්ඩුකාර වරයා නියෝගකර ඇත්තේ.

මධ්‍යම පළාත තුල මින් ඉදිරියට කිසිදු ආකාරයේ ජාතීන් අතර ගැටුමක් ඇති කිරීමට කිසිදු ඉඩක් නොතබන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post