News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

ශ්‍රී ලංකන් ගුවන් යානයක වෙනසක් – PHOTO

770 Views


ශ්‍රී ලංකන් ගුවන් යානයක වෙනසක් – PHOTO

ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි.

ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයකාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ සහගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මිරින්ඩා රුද්‍රිගෝ කටයුතු කළේය.ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු ගමන් කළේය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව පුරා සේවය කරන සියලුම කාන්තාවන් පිළිබඳ ආඩම්බර වන්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post