News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
10

මාවනැල්ල වෙඩි තැබීම බුදු පිළිම විනාශ කල පිරිස අල්ලා දුන් නිසාද ?

901 Views


මාවනැල්ල වෙඩි තැබීම බුදු පිළිම විනාශ කල පිරිස අල්ලා දුන් නිසාද ?

ඊයේ (09) අළුයම් කාලයේදි මාවනැල්ල ධනාගම ප්‍රදේශයේදි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින පුද්ගලයා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වි තිබෙන බව පොලිසිය පවසනවා.මෙලෙස වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වන මොහොමඩ් රසාක් තස්ලීම් යන අයෙක් බවයි පැවසෙන්නේ.

මීට මාස කිහිපයකට පෙර අන්තවාදි සංවිධානයක පිරිසක් විසින් මාවනැල්ල ප්‍රදේශයේදි බුදු පිළිම විනාශ කිරිමේ සිදුවිමට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයන්ට මොහු සහය දක්වා ඇති බවටත් වාර්තා වෙනවා. මෙහුගෙන් ලද තොරතුරු මත මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින්ට හැකිවි තිබෙන අතර පසුව එම අපරාධය සිදුකළ පිරිස අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post