News Line| Off Air
Generic placeholder image

Mar
11

අපිට ලැබුණ ඉලක්කයත් එක්ක අපිට විකට් එක විස්කරලා ගහන්න වෙනවා – මාලිංග

1133 Views

අපිට ලැබුණ ඉලක්කයත් එක්ක අපිට විකට් එක විස්කරලා ගහන්න වෙනවා – මාලිංග

දකුණු අප්‍රිකාව සමඟ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා.

තෙවැනි එක්දින තරඟයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව සඳහන් කළා.

“පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුණ එක ළඟ කඩුලු දෙකක් දවා ගැනීම අපිට කරන්න නොහැකි වුණා. පසුගිය තරග දෙක තුළත් අපිට ඒ හැකියාව ලැබුණේ නෑ. වේග පන්දු යවන්නට කඩුල්ලක් ලැබෙන තැනට පීඩනයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

මේ කාලයේදි හැම තරගයක්ම ලකුණු 280ක් 300ක් ලබාගන්නවා. 300ක් 310ක් කියන්නේ හඹා යන්න පුළුවන් ඉලක්කමක්. අවාසනාවකට තරගයේ අවසන් භාගයේදි උඩ පන්දු දෙකක් ගිලිහී ගියා. එයින් ඔවුන් ලකුණු 20 ක් 25ක් ලබාගත්තා.

අපි කතා කළේ හොඳ සබඳතාවක් ගොඩ නගන්නයි. අපේ කඩුලු දෙකක් බිඳ වැටුණත් ඕෂධයි කුසලුයි හොඳ සබඳතාවක් ගොඩ නගමින් සිටියේ. වැස්සෙන් පස්සේ අපිට ලැබුණ ඉලක්කයත් එක්ක අපිට විකට් එක විස්කරලා ගහන්න වෙනවා.

ඒ දෙන්නා ඒ අවස්ථාව ගත්තා. අපි තේරුම් ගත්තා ඒ විකට්ටුවේ අපිට ඒ ලකුණු ප්‍රමාණය හඹා යන්න බැරි බව.”

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි.

තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව සඳහන් කළේය.

“පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුණ එක ළඟ කඩුලු දෙකක් දවා ගැනීම අපිට කරන්න නොහැකි වුණා. පසුගිය තරග දෙක තුළත් අපිට ඒ හැකියාව ලැබුණේ නෑ. වේග පන්දු යවන්නට කඩුල්ලක් ලැබෙන තැනට පීඩනයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

මේ කාලයේදි හැම තරගයක්ම ලකුණු 280ක් 300ක් ලබාගන්නවා. 300ක් 310ක් කියන්නේ හඹා යන්න පුළුවන් ඉලක්කමක්. අවාසනාවකට තරගයේ අවසන් භාගයේදි උඩ පන්දු දෙකක් ගිලිහී ගියා. එයින් ඔවුන් ලකුණු 20 ක් 25ක් ලබාගත්තා.

අපි කතා කළේ හොඳ සබඳතාවක් ගොඩ නගන්නයි. අපේ කඩුලු දෙකක් බිඳ වැටුණත් ඕෂධයි කුසලුයි හොඳ සබඳතාවක් ගොඩ නගමින් සිටියේ. වැස්සෙන් පස්සේ අපිට ලැබුණ ඉලක්කයත් එක්ක අපිට විකට් එක විස්කරලා ගහන්න වෙනවා.

ඒ දෙන්නා ඒ අවස්ථාව ගත්තා. අපි තේරුම් ගත්තා ඒ විකට්ටුවේ අපිට ඒ ලකුණු ප්‍රමාණය හඹා යන්න බැරි බව.”

News Articles
Latest Videos
Most Popular Post