News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ආර්ථික පසුබෑමට හේතුවූ කරුණක් රාජ්‍ය මුදල් ඇමති හෙළි කරයි

657 Views


ආර්ථික පසුබෑමට හේතුවූ කරුණක් රාජ්‍ය මුදල් ඇමති හෙළි කරයි

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අයවැය ලේඛණ සකස් කිරීම නිසා ශ‍්‍රී ලංකාව ඉතිහාසය පුරාම ආර්ථික පසුබෑමක සිටි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.

මැතිවරණ වසරේදී අපිට ලොකු පිඩනයක් තිබෙනවා මුල්‍ය විනය නොසලකා හැර අනිත් මැතිවරණයට සුදුසු දේවල් කරලා මැතිවරණය දිනා ගන්න. නමුත් මේක අවුරුදු 70 කටම වෙලා තියෙන්නේ මේකම තමයි. කෙටි කාලීනව දේශපාලන අරමුණු දිහා බලලා අයවැය හදන්න රජයන් ක්‍රියා කරපු නිසා තමයි අද මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තිබ්බාම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දිනන බව විශ්වාස කරන නිසා මුල්‍ය විනය ආරක්ෂා කරමින් මෙවර අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post