පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අයවැය ලේඛණ සකස් කිරීම නිසා ශ‍්‍රී ලංකාව ඉතිහාසය පුරාම ආර්ථික පසුබෑමක සිටි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.
මැතිවරණ වසරේදී අපිට ලොකු පිඩනයක් තිබෙනවා මුල්‍ය විනය නොසලකා හැර අනිත් මැතිවරණයට සුදුසු දේවල් කරලා මැතිවරණය දිනා ගන්න. නමුත් මේක අවුරුදු 70 කටම වෙලා තියෙන්නේ මේකම තමයි. කෙටි කාලීනව දේශපාලන අරමුණු දිහා බලලා අයවැය හදන්න රජයන් ක්‍රියා කරපු නිසා තමයි අද මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තිබ්බාම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දිනන බව විශ්වාස කරන නිසා මුල්‍ය විනය ආරක්ෂා කරමින් මෙවර අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.