කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කළුතර නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා
දර්ගා නගරයේ හා අළුත්ගම නගරයේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව තිබෙන බව සඳහන්.
මේ වනව්ටමොවුන් වැඩිදුර විමර්ශන සඳහා අළුත්ගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර දකුණ හා දර්ගානගරයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ඇති.
මේ අතර බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේ පොලීසිය සිදුකල වැටලීමකදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 600 ක්සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.