News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ජිවිතක්ෂයට පත්වූ බොරැල්ල රථවාහන පොලිසියේ ස්ථානාධිපතිගේ දරු පවුල වෙනුවෙන් මිලියන 3ක මුදලක්

1207 Views


ජිවිතක්ෂයට පත්වූ බොරැල්ල රථවාහන පොලිසියේ ස්ථානාධිපතිගේ දරු පවුල වෙනුවෙන් මිලියන 3ක මුදලක්

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ, පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේයි. අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ද ප‍්‍රදානය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඊට අමතරව ස්ථානාධිපතිවරයාගේ අවුරුදු 18ට අඩු දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ප‍්‍රදානයක්ද සිදු කෙරුණා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ලබන 18වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ශලනි පෙරේරා අද නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post