News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අලුත් නීති රීති එක්වෙයි

1074 Views


දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අලුත් නීති රීති එක්වෙයි

ඉන්දියාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිළිගත හැකි හැසිරීම් ඇතුලත් නිළ මාර්ගෝපදේශනයන් අනුගමනය කිරීමට සිදුවී තිබෙනවා.

ඒ අනුව සමාජ ජාල හරහා ජනතාවට සන්නිවේදනය කිරීමේ දී මින් පසු ඔවුන්ට භාවිත කළ හැක්කේ සිය නිළ සමාජ මාධ්‍ය ගිණුම් පමණයි.

ලබන අප්‍රේල් 11 වෙනිදා සිට මැයි 19 වෙනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය ලොක් සභා මැතිවරණය වෙනුවෙන් එරට මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී ඉන්දීය දේශපාලන පක්ෂ නිළ නොවන ගිණුම් දහස් ගණනක් භාවිත කරමින් ජනතාවට සන්නිවේදනය කරන බවයි ඉන්දියාවේ ප්‍රවීණ තොරතුරු තාක්ෂණ විද්වතෙකු වන ප්‍රශාන් රෝයි පවසන්නේ.

මෙම මාර්ගෝපදේශනයන් අනුගමනය කිරීමට ෆේස් බුක් ට්විටර් සහ වට්ස් ඇප් මෙන්ම ගූගල් යන ප්‍රබල සමාගම් කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි සුනිල් අරෝරා සඳහන් කලේ .


News Articles
Latest Videos
Most Popular Post