News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
11

බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී ගේ අවසන් කටයුතු අද

733 Views


බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී ගේ අවසන් කටයුතු අද

රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

පසුගිය 24 වන දා බම්බලපිටියයේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක් වීමෙන් ඔහු බරපතල තුවාල ලැබුවා. ඒ අධික වේගයෙන් මාර්ග නීති උල්ලංඝණය කරමින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන්. එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලූ හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post