News Line| Off Air
Generic placeholder image

Mar
11

විදේශ ජාතිකයෙකුට වංචාකළ බවට ගම්මන්පිලට එරෙහි නඩුව කල්යයි

919 Views


විදේශ ජාතිකයෙකුට වංචාකළ බවට ගම්මන්පිලට එරෙහි නඩුව කල්යයි

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (11) නියම කළේය.

1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් විසි එක්දෙනෙකු සහ ලේඛණ 13ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති  ක්ලැරි  පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.


News Articles
Latest Videos
Most Popular Post