News Line| Off Air| Games
Generic placeholder image

Mar
11

40 කට මරු කැඳවූ පුල්වාමා බෝම්බයේ “මහ මොළකරු” ඉන්දීය හමුදාව මරා දමයි

1107 Views


40 කට මරු කැඳවූ පුල්වාමා බෝම්බයේ “මහ මොළකරු” ඉන්දීය හමුදාව මරා දමයි

කුණු කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇතිවූ සටනින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ සටන්කාමින් තිදෙනෙක් මියගොස් තිබේ.මෙලෙස මියගිය ත්‍රස්තවාදීන් අතර පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ.

මුඩාසිර් අහමඩ් ඛාන් හෙවත් “මොහොඩ් බායි” ලෙස හඳුනා ගෙන තිබෙන මෙම ත්‍රස්තවාදියා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මරණයට පත් කරමින් පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිර්මාණය කර තිබෙන බවයි හෙළිවී තිබෙන්නේ. ඔහු විසින් පුපුරණ ද්‍රව්‍ය සපයා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බය සාදා තිබෙනවා.

23 හැවිරිදි මුඩාසිර් අහමඩ් ඛාන් 2017 වසරේදී ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයට එක්වී ඇති අතර ඔහුට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හිමි අයෙක් බවයි ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත්තේ.

කාශ්මීර ප්‍රාන්තයේ පිහිටි ඉන්දීය හමුදා භට කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර රැසකට මුඩාසිර් අහමඩ් ඛාන් සෘජුව සම්බන්ධ අයෙක් බවයි හෙළිවී ඇත්තේ.

පුල්වාමා ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මේ වන විට ඝාතනය කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post