News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්න

492 Views


ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එක්සත් රාජධානිය, කැනඩාව, ර්ජමනිය, මොන්ටෙනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල අනුග්‍රහයෙන් ලංකාව පිළිබඳව මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

මානව හිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය හරහා පෙර සිටි කොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්තාව පිළිගෙන ඇති එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන  යෝජනාවෙන් හා සම අනුග්‍රහයෙනුත් ඉවත් විය යුතු බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

එසේම මෙවර මානව හිමිකම් සැසිවායරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම විශේෂ නියෝජිතයන් තිදෙනෙක් යොමු කිරිම අගය කළ යුතු පියවරක් බවද ඔහු පවසයි.


News Articles
Latest Videos
Most Popular Post