News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් පහර කා රෝහලේ

873 Views


පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් පහර කා රෝහලේ

පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඔහු නමින් සිසිල් වික්‍රමසිංහ යි. ඔහු කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මාරවිල නගරයේදී වාහන ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හට ගෙන ඇති ආරවුලකින් අනතුරුව මෙම ගැටුම සිදුව ඇති බවයි. එම පොලිස් නිලධාරියා මාරවිල පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු වන අතර පහරකෑමට ලක්ව ඇති මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post