News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

හිරුණිකාගේ නඩුවක් අපේ‍්‍රල් 24ට කල් යයි

580 Views


හිරුණිකාගේ නඩුවක් අපේ‍්‍රල් 24ට කල් යයි

තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව පවරා ඇති නඩුව ලබන අපේ‍්‍රල් 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. මෙම පැහැරගෙන යාම සිදු වුණේ දෙමටගොඩ ප‍්‍රදේශයේදීයි.

නඩුව, විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ අද කැඳවන ලද අතර එහෙත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇගේ නීතිඥවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක් ද ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය අද දිනයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වන බවයි. නඩුව අපේ‍්‍රල් මස 24 වනදා විභාග කිරීමට නියම කෙරුණේ ද ඒ බව සැලකිල්ලට ගනිමින්.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් 07 දෙනෙකු මීට පෙර ඔවුන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගත්තා. ඒ අනුව ඔවුන්ට වසර 12කට අත්හිටවූ වසර 02 බැගින් සිර දඩුවම් නියම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post