News Line| Off Air
Generic placeholder image

Mar
13

දෙවන මහාධිකරණයේ නඩු පවරන්නේ මම නෙවේ

597 Views


දෙවන මහාධිකරණයේ නඩු පවරන්නේ මම නෙවේ

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරනු ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

මට තියෙන්නේ විෂයභාර අමාත්‍යවරිය හැටියට අධිකරණය ස්ථාපිත කරදිම පමණයි.

අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ රක්වාන ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දිමක් වශයෙනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“උතුරු පළාතේ ප්‍රශ්නයක් මොකක් හරි හේතුවක් නිසා ඇති වුණා. ඒ ප්‍රදේශයේ ඇතිවු තත්ත්වය නිසා ඒ ප්‍රදේශයේ කටයුතු අඩ පණ වුණා. අපේ රටේ කොටසක් උතුරු හා නැගෙනහිර පළාත. අයවැය සම්මත වීම කෙසේ වෙතත් උතුර, දකුණ, බස්නාහිර, නැගෙනහිර සංවර්ධනය කිරීම රජයේ වගකීමක්.

ඒ සම්බන්ධයෙන් අගමැතිතුමා ඇමතිවරයා හැටියට වැඩ කරන්නේ. ඔක්තෝම්බර් 26 වැනිදා දින 56ක වැඩ කටයුත්තේදි වෙනස් වෙන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ එක විදිහටම හිටියානේ. ඒක ගැන අමුතු කතාවක් නිර්මාණය කළාට වැඩක් නැහැ . අපි උතුරට සලකන්නේ මේ රටේ කොටසක් අපි සියලු දෙනාගේම රට හැටියට” යැයි අයවැයට ටි.එන්.ඒ පක්ෂය සහයෝගය ලබා දුන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳිමට යැයි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කිරිය.


News Articles
Latest Videos
Most Popular Post