News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

718 Views


මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

මාකදුරේ මධුෂ් නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා නැමැති දෙල්කඳ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්

සැකකරු මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බවයි පොලීසිය සඳහන් කලේ

පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම ආදී කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිඛෙනවා

සැකකරු හෙට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

කැලූ‍ම් ඉන්දික නොහොත් කැවුමා නැමැති සංවිධානාත්මක අපරාධකරු රැදී සිටි බව කියන මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසේ තිබී සී ඩී තැටියක් සොයා ගත්තේ පසුගිය දොලොස් වනදායි

මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන එම සී ඩී තැටියේ අන්තර්ගත වී තිබුණා

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 5 වනදායි


News Articles
Latest Videos
Most Popular Post