ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්කො. ළඹ මහාධිකරණ අංක 01 ශාලාවේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවා තිබෙනවා.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා යි. ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුන් ලෙස කටයුතු කරනු ලබනවා.
මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ බරපතල මූල්‍ය වැරදි වලට අදාළ නඩු විභාග කිරීම සඳහා යි.
දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිවරයා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදු කිරීමට නියමිතයි.
පසුගිය කාලයේ සිදු වු බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කලා. එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි.
ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පසුගිය වසරේ ජූලි මස 16 වනදා ස්ථාපිත කලා.