News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

මහින්ද ඇතුළු පිරිස ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස් කරගනියි

385 Views


මහින්ද ඇතුළු පිරිස ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස් කරගනියි

තමන්ට සිය තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

පෙත්සම් අද කැදවනු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ යි.

නඩුව එය ගොනු කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු 122 දෙනා විසින් එය ඉල්ලා අස්කර ගෙන ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශේෂ්ඨාධිකරණය අවසර දුන්නා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගත්තේ පසුගිය 12 වනදා යි.


News Articles
Latest Videos
Most Popular Post