News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

සියලු යාන්ත්‍රික කියත් හෙටට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්යයි

574 Views


සියලු යාන්ත්‍රික කියත් හෙටට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්යයි

සියලු යාන්ත්‍රික කියත් හෙට දිනයට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව ආරක්ෂක අමාත්‍යාශය පවසනවා

එම අමාත්‍යාශය සදහන් කලේ තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලූ‍ම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කල යුතු බවයි.

එහිදී අදාල යාන්ත්‍රික කියත් ලියාපදිංචි කල බවට බලපත්‍රයක් දෙනු ලබනවා.

ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයක් මත යාන්ත්‍රික කියත් ලියාපදිංචිය ආරම්භ වුනේ පසුගිය මස 20 වනදායි.

එය පසුගිය 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පසුව එම කාල සිමව ලබන 15 වනදා දක්වා දීර්ඝ කල අතර ලියාපදිංචි කාල සීමාව අවසන් වීමෙන් පසු යාන්ත්‍රික කියත් භාවිතා කරන ස්ථාන පරීක්ෂා කිරීමට නියමිතයි.

ලියාපදිංචි නොකල යාන්ත්‍රික කියත් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කලා.

වන විනාශය පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post