News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

සෙනසුරාදාටත් රියදුරු බලපත්‍ර ලබා ගන්න අවස්ථාව

1141 Views


සෙනසුරාදාටත් රියදුරු බලපත්‍ර ලබා ගන්න අවස්ථාව

සෙනසුරාදා දිනයේ දී රියදුරු බලපත‍්‍ර අලුත් කර ගැනීම, බලපත‍්‍ර නිකුත් කිරීම, අයදුම්පත් භාර ගැනීම සහ රියදුරු බලපත‍්‍ර පරීක්ෂණ වැනි සේවා සිදු කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.මෙම සේවා සඳහා මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සෙනසුරාදා දිනයේත් විවෘත වන්නේ ලබන 23 වැනිදා සිට බවයි වාර්තා වන්නේ.

මීට අමරතව ජාතික ප‍්‍රවාහන වෛද්‍යායතනයේ නුගේගොඩ ප‍්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලය ද මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ සහ කුරුණෑගල යන ප‍්‍රාදේශීය කාර්යාල ද සෑම සෙනසුරාදා දිනකම විවෘතව තැබීමටයි නියමිතව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post