මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා. එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.