News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකිරීමට සැලසුම්

674 Views


ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකිරීමට සැලසුම්

ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. සිසුන්ට නවීණ තාක්ෂණික පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. සිසුන් වැඩි පාසල්වල අනධ්‍යන කටයුතු සිදුකිරිම සඳහා රෙජිස්ටාර්වරයෙක් පත්කිරිමට ද සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ කළේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ජල ගැලීම් වලින් හානියට පත් පාසල් වලට තාක්ෂණික උපකරණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්. විදුහල්පතිවරුන් පනස් නවදහසක් බඳවාගෙන විදුහල්පති දීමනාව 750 සිට 6500 දක්වා වැඩි කරමින් රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නා.


News Articles
Latest Videos
Most Popular Post