News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

නවසීලන්ත ප්‍රහාරය සජීවීව විකාශය කරලා, ප්‍රහාරයෙන් 49ක් මරුට

48594 Views


නවසීලන්ත ප්‍රහාරය සජීවීව විකාශය කරලා, ප්‍රහාරයෙන් 49ක් මරුට

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බවයි විදෙස් මාධ්‍යය සදහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබු අයෙක් බවටයි අනාවරණය වි තිබෙන්නේ

28 හැවිරිදි බ්‍රෙන්ට් ටැරන්ට් නම් මෙම පුද්ගලයා තමා විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබු ආකාරය සජීවීව වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කිරිමට කටයුතු කර තිබීමත් විශේෂත්වයක්.

මෙම ප්‍රහාරයට හේතු දක්වමින් ඔහු විසින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි.ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබෙනවා.

“නවසීලන්තයට මා පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි. නමුත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොදම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා සතුයි”


News Articles
Latest Videos
Most Popular Post