News Line| Off Air
Generic placeholder image

Mar
18

අලුගෝසුවන් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

634 Views


අලුගෝසුවන් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි.

එම තනතුර සඳහා පුද්ගලයින් එකසිය දෙදෙනෙකු (102) අයදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් හැත්තෑ  නව දෙනෙකු (79) එකී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන බවද, එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට, බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරියෙකු හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළත් වන බවද පැවසූ එකී ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ තොරා ගනු ලබන පුද්ගලයින් දෙදෙනා එකී තනතුර සඳහා, ඉතා කඩිනමින් බදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවටය.

එකී තනතුර සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත්, 23ක් ප්‍රතික්ෂේපද වි තිබේ.


News Articles
Latest Videos
Most Popular Post