එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්‍ෂ නායකයන් මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබෙන බවත්,එහි සංවිධාන ව්‍යූහය සකස් කරන ආකාරය සම්බන්ධව අවසන් එකඟතාවලට එළඹ තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන කරගෙන මෙම දේශපාලන පෙරමුණ නිර්මාණය කළ යුතු බවත්,නොවැම්බර් මාසය වනවිට එහි සංවිධාන ශක්තියෙන් ජනාධිපතිවරයෙකු බිහිකර ගැනීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කළ යුතු බවත් පක්‍ෂ නායකයන් අවධාරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.