මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තුන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබේ.
ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙනි.
ඇය ඒ සඳහා යෝජනා කර ඇත්තේ නොර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසිනි.
ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ළාබාලතම පුද්ගලයා ඇය වනු ඇත.
පාකිස්තානයේ මලාලා යුසෆ්සායි නොබෙල් ත්‍යාගය දිනාගන්නා විට වයස අවුරුදු 17 කි.
ට්වීටර් පණිවුයක් නිකුත් කරමින් ගියෙටා තුන්බර්ග් පැවසුවේ සිය නම යෝජනා වීම “ගෞරවයක්” ලෙස සලකන බවය.